Saturday, November 14, 2015

ඵලදායිතාවය තුළින් සාර්ථකත්වයට

අරමුණුකරා යාමේදී වඩා පහසුම හා නිවැරදි ක්‍රමවේදය 5S සංකල්පය මගින් ලබාදෙන බවත් එය නිවැරදිව අවබෝධයෙන් සිදුකිරීම තුළින් සාර්ථකත්වය තිතැතින්ම ලගාවන බවත් මොන්නෑකුලම මහා විද්‍යාලයේ පසුගියදා පැවති ගුරු සංවර්ධන වැඩසටහනේ දී අවධාරණය කෙරිනි. 
කොටවෙහෙර ප්‍රා.ලේකම් කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිළධාරී විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර මොන්නෑකුලම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ සංවිධානයෙන් විද්‍යාලයේ ඵලදායිතා සංවර්ධන මෙහෙයුම් අධීක්ෂණ ගුරු D.A.H.D.බණ්ඩාර මහතාගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය. විශේෂයෙන්ම අධ්‍යපන සංවර්ධනය විෂයෙහි ඵලදායිතාවයේ දායකත්වයත් ඒ සදහා 5S සංකල්පයේ භාවිතය ඉතා වැදගත් බවත් අවධාරණය කරනු ලැබීය.

Thursday, February 26, 2015

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2015 අභිමානවත්ව නිමවෙයි...

2015 වර්ෂයේ මොන්නෑකුලම මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පසුගිය 19 වනදා අභිමානවත් ලෙස අවසන්කරනු ලැබීය. කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී උත්සවය පවත්වනු ලැබීය. සාම්ප්‍රදායික ඔලිම්පික් පහන දැල්වීමෙන් අනතුරුව කොට්ඨාශයේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ අවසරයෙන් ක්‍රීඩා උත්සවය ආරම්භ කරනු ලැබීය.










පහේ හපන්නු හයට......

Sunday, November 9, 2014

වෙනසට වෙනසක් ........

මොන්නෑකුලම මහා විද්‍යාලය...සියක් සත් වසක අභිමානය සමග....


අඛණ්ඩ ගුරු සංවර්ධනය මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අරමුණ වෙත ලඟාවීම සඳහා වන දෙවන වෑයම පසුගිය දා මොන්නෑකුලම මහා විද්‍යාලයේ ගුරු මණ්ඩලය විසින් අත්දකිනු ලැබීය. 
ඒ යටතේ නික/වල්පාලුව කණිෂ්ඨ විද්‍යාලය වෙත විශේෂ  නෑ ගමනක් මොන්නෑකුලමේ ආචාර්යමණ්ඩලය විසින් සිදු කරනු ලැබිනි. නිකවැරටිය අධ්‍යාපන කලාපයේ මිනුවන්ගැටේ ආසන්න පාසලක් වන නික/වල්පාලුව කණිෂ්ඨ විද්‍යාලය වර්තමානයේ නමගිය ආදර්ශ පාසලකි. 
නොපසුබස්නා උත්සාහයෙන් සිසුන් අට දෙනෙකුගේ සිට සිසුන් 180ට වඩා වැඩි පිරිසක් සහිත පාසලක් බවට එය පත්කිරීමට වර්තමාන විදුහල්පතිතුමන් සමත්වී තිබීම පුදුම සහගතය. ළමා මිතුරු පාසලක් ලෙස මෙම පාසල ශ්‍රී ලංකාව පුරා වඩාත් ජනප්‍රියවී ඇති අතර දෛනිකව පාසල් කිහිපයක් මෙම පාසල නැරඹීම සඳහා පැමිණෙන බව සඳහන් වේ.
වෙනසට වෙනසක් මගින් අධ්‍යාපනයේ අරමුණ ලෙහෙසියෙන් ලඟා කරගත හැකි බව දක්වමින් 2014 වර්ෂයේ දී 100% සාධන මට්ටමක් ලඟා කර ගැණීමට  නික/වල්පාලුව කණිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ දරු දැරියන් සමත්ව තිබීම විශේෂයෙන් අගය කල යුතුය.

එපමනක් ද නොව නිවෙස් පන්ති කාමර භාවිතා කරමින් සිය දරු දැරියනගේ අධ්‍යාපන පිපාසය නිවීමට උත්සහ දරන නිවසක් නැරඹීමටද මොන්නෑකුලම මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය අමතක නොකල අතර ඔවුන් වෙනුවෙන් ත්‍යාග ලබාදීමටද කටයුතු කර තිබුනි.

Friday, October 31, 2014

අපිටත් පුළුවන්......

2014 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රාථමික අංශයේ විශේෂ වැඩසටහන පසුගිය දා මොන්නෑකුලම මහා විද්‍යාලයේ දී පැවැත්වුනි. ඒ යටතේ පුංචි දරු දැරියන්ගේ

  1. කියවීම
  2. නර්තනය
  3. සංගීතය
  4. චිත්‍ර 
සහ නිර්මාණ කුසලතාවයන් වර්ධනය අරමුණු කරගත් වැඩසටහන් රාශියක් ඒ යටතේ ක්‍රියාත්මක කරන ලදි. මොන්නෑකුලම මහා විද්‍යාලයේ චිත්‍ර, සංගීත, නැටුම් ඇතුලත් සෞන්දර්ය අංශයේ දායකත්වයෙන් විද්‍යාලයීය පුස්තකාලයාධිපතිතුමිය විසින් විදුහල්පතිතුමාගේ උපදෙස් මත වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදි.

පුංචි දරු දැරියන් සිය දක්ෂතා එලිදක්වමින්